විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුප කොල්ලකෑම ආණ්ඩුවේ කූඨ උපක්‍රමය - සජිත්

විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුප කොල්ලකෑම ආණ්ඩුවේ කූඨ උපක්‍රමය - සජිත්

රටේ විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කොල්ලකෑමට ආණ්ඩුව තීරණය කර ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු  මේ අදහස් පළ කළේ, ඊයේ= පස්වරුවේ නැදිගම්විල රාජමහා විහාරයට ගොස්, අමරපුර සිරි සද්ධම්ම යුත්තික මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි.

විපක්ෂ නායකවරයා පවසන්නේ, ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමික දීමනාව ක්‍රමෝපායිකව කප්පාදු කිරීමේ කූට වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි. ‍

”වයස අවුරුදු 70ට වැඩි අයගෙන් 600 ක් කපාගන්නට වයස අවුරුදු 70ට අඩු අයිතීන් රුපියල් 400 කපාගන්න අලුත් චක්‍රලේඛයක් ඔක්තෝබර් 29 වැනිදා මේ වසරේ ප්‍රකාශයට පත් කරලා තියනවා..”

විශ්‍රාමිකයින්ට දැනුම්දීමක් සිදු නොකර මේ මුදල කපා ගන්නා බවට ද විපක්ෂ නායකවරයා චෝදනා කර සිටී.

”විශ්‍රාමිකයාට දැනුම්දීලා නෙවෙයි මේ මුදල කපාගන්නේ. සිදුවිය යුතුව තිබුණද ඒ අදාළ විශ්‍රාමිකයින්ගේ මූලිකව අනුමැතිය ගත යුතුයි, සති දෙකක් තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දැනුවත් කිරීමක් නොකළොත් තමන්ගේ විරෝධතාවය පිළිබඳව ආපසු හරවන්නට බැරි විශ්‍රාම වැටුප් දීමනා කප්පාදුව හැටියට මේක ඉදිරියට යනවා. මේ රටේ විශ්‍රාමික ප්‍රජාවට මං පැහැදිලිව කියන්න ඕන කරුණා කරලා මේ ඇස් බැන්ඳුම් ක්‍රියාවලියට ඔබ සියලු දෙනා අවදිව කටයුතු කරන්න. කොලේ වහලා කප්පාදු කරන වැඩපිළිවෙළට වහා නතර කරන්න එසේ නොකර හොත් අපි අනිවාර්යෙන්ම විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් මහ පාරට බහිනවා. කියන එක මේ අවස්ථාවේ ආණ්ඩුවට කියන්න කැමතියි”

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න