අලුත් බලකායට රදගුරු සමුළුවත් විරුද්ධයි !

අලුත් බලකායට රදගුරු සමුළුවත් විරුද්ධයි !

පාර්ලිමේන්තුවෙන් පවා විමසීමකින් තොරව පත්කළ ජනාධිපති කාර්‍ය සාධක බලකාය නිසා " එක් රටක් එක් නීතියක්" සඳහා වන අරමුණ, අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීමට තිබූ අවස්ථාව අහිමිව ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව මෙසේ අවධාරණය කර ඇත්තේ නිවේදනයක් නිකුත්කරමින් වන අතර අදාළ බලකායේ මුල් පුටුවට පත් කළ තැනැත්තාගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක් නොකර මේ පත් කිරීම සිදු කිරීමත් ,දමිළ ,හින්දු සහ කතෝලික, ක්‍රිස්තියානි යන සුළුතර කණ්ඩායම්වලට නියෝජනයක් ලබා නොදීමත් නිසා අසමානතාවක් මතු වී ඇති බවත් එහිදී සඳහන් කර ඇත.

එබැවින් අදාළ ගැසට් නිවේදනය අවලංගු කොට සියලු පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන ලෙස සලකා ව්‍යවස්ථාවක් සකස් කරන බවට සහතික කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න