ගුරු - විදුහල්පති වැටුප් සටනට දෙමව්පියන්ගේ සහයත්

ගුරු -  විදුහල්පති වැටුප් සටනට දෙමව්පියන්ගේ සහයත්

ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා මේ වනවිට දෙමව්පියන්ගේ සහයද හිමිව තිබේ.

අද (03) දිවයින පුරා පාසල් ඉදිරිපිට මෙම ගුරු විදුහල්පති වැටුප් සටනට සහය පළකරමින් දෙමව්පියෝ උද්ඝෝෂණ සඳහා සහභාගී වී සිටියහ.

මෙම විරෝධතා මාලාවේ ප්‍රධාන උද්ඝෝෂණය කොළඹ ආමර් වීදියේ පැවැත්වුණු අතර එයට ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින්ද සහභාගී විය.

පාසල් තුළ ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙන අතර තුර ගුරු විදුහල්පතිවරු වෙනුවෙන් දෙමව්පියන් මෙලෙස උද්ඝෝෂණ සංවිධානය කර තිබුණු අතර මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නායකයින් පැවසුවේ ලබන 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට පෙර ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලැබිය යුතු බවයි.

එසේ නොවන්නේ නම් තවදුරටත් මෙම අරගලට තීව්‍ර වනු ඇති බවයි ඔවුහු අවධාරණය කළහ.

 

WhatsApp Image 2021 11 03 at 11.11.58

WhatsApp Image 2021 11 03 at 19.12.27

WhatsApp Image 2021 11 03 at 19.12.27 1

WhatsApp Image 2021 11 03 at 19.12.28

WhatsApp Image 2021 11 03 at 19.12.29

WhatsApp Image 2021 11 03 at 19.12.29 1

WhatsApp Image 2021 11 03 at 19.51.58

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න