සෙසු පක්ෂ 11ම පොහොට්ටු සමුළුවේ : පරණ මහින්ද මතුවෙයි !

සෙසු පක්ෂ 11ම පොහොට්ටු සමුළුවේ : පරණ මහින්ද මතුවෙයි !

අද(02) දින පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනය නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වූ අතර ඒ පක්ෂ නායක , අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

උත්සවය ආරම්භ වූයේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ පැමිණිමත් සමගයි.

මහජන මන්ත්‍රණ සභාවක් පිහිටුවමින් LNG ගනුදෙනුවට එරෙහිව කටයුතු කරන නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකයෝ හා සාමාජිකයෝ ද මීට එකව සිටි අතර එය කාගේත් අවධානය යොමුවූ සිදුවීමක් විය.

සම්මේලනය අමතමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ, පක්ෂය නිර්මාණය කරනු ලැබුවේ, කිසිවකු පරාජය කිරීමට නොව ජනතාව දිනවීමට බවයි.

මෙහිදී සභාව අමතමින් අගමැති මහින්ද රාජපක්ෂ සිදුකළ අදහස් දැක්වීම සුවිශේෂ වූ අතර එහිදී පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේ සෙසු පක්ෂ අතර මතුව ඇති අර්බුදය සමනය කිරීමේ ප්‍රයත්නයක් පෙන්නුම් කෙරුණු බව දේශපාලන විචාරකයන් පවසයි.

තාප්පවල චිත්‍ර ඇඳපු තරුණියෝ කෝ : අනෙක් පක්ෂ අපේ කිහිලිකරු නොවේ - මහින්ද පරිණත කතාව !

දේශපාලන පක්ෂ ලොකු කුඩා වුණත් දුෂ්කර අවස්ථාවල එක් අරමුණක් වෙනුවෙන් එකට එක පිලේ එක් අරමුණකට සටන් කළ අය මේ කවුරුවත් අපට ඈත් කරන්න බෑ. ඒ අය අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරුත් නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි. ඒනිසා එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීම" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී පැවසීය.

තාප්පවල චිත්‍ර ඇඳලා දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කිව්ව තරුණයන් අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නවාද කියලා හොයලා බලලා,එහෙම ඉන්නව නම් ඒ අය ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විධියේ දේශපාලනයක යෙදීම පොදුජන පෙරමුණට ඇති ඓතිහාසික අනාගතවාදී කාර්යය බව ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී පෙන්වා දුන්නේය.

පරණ මහින්ද මතුවෙයි !

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ පොදුජන පෙරමුණ සමුළුව අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්ෂ සිය දේශපාලන පරිණත භාවය පෙන්වමින් සිදුකළ කතාව ආණ්ඩුවේ හෙට දවසට තීරණාත්මක බවයි.

ආණ්ඩුවේ බැබැසිල්වාදින් සෙසු පක්ෂ නොතකා ඔවුන් මැඩීමට කටයුතු කරන පසුබිමේ මහින්ද රාජපක්ෂ අගමැති ලෙස සූක්ෂම ලෙස ඉදිරි ගමන වෙනුවෙන් එකට සිටීමේ වැදගත්කම අවධාරණය කිරීම තුළ ඉස්සර සිටි පරණ මහින්ද සිහියට නැංවූ බවත් විචාරකයන් පවසයි.

කෙසේ වුවත් එය උපක්‍රමික ප්‍රවේශයක් ද නැද්ද යන්න තීරණය වන්නේ ආණ්ඩුවේ ප්‍රධානීන් ගේ ඉදිරි හැසිරීම මත බවත් දේශපාලන විචාරකයන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න