හාල් හිඟ වුණොත් අල බතල මඤ්ඤොක්කා : ඇමති චමල්

හාල් හිඟ වුණොත් අල බතල මඤ්ඤොක්කා : ඇමති චමල්

මේ රටේ හාල් හිඟ වුවත් අතිතයේ ගම් වල මඤ්ඤොක්කා, මුං ඇට, බතල කෑවා. පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ. මඤ්ඤොක්කා පිළිකාවටත් හොඳයි”යැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ  පවසයි.

ශ්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

“ලංකාව පුරා ගොවි සංවිධාන පසුගිය කන්නයේ නෙළා ගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා වහන්සේට පූජා කිරීම වාර්ෂිකව සිදු කරනවා. මහ කන්නයේදී සාර්ථක අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීන් දළදා වහන්සේ උදෙසා මෙම පූජාව සිදු කරන්නේ ඉතාම ගෞරවය පෙරදැරිවයි.

මමත් ගොවියෙක් මම කාබනික පොහොර යොදල වගා කලා අලුත් අයට අලුත් අත් දැකීමක් මෙය දිගින් දිගටම කරගෙන යද්දි සාර්ථකව කරගත හැකි වෙයි. පළමුවන කන්නය අත්දැකිමක්. අස්වැන්න අඩු වුණොත් සහතිකයක් දීල තියෙනව අලභය ගෙවනව කියල. ඒකට බයවෙන්න දෙයක් නෑ. උද්ඝෝෂණ කරන අයගේ හඬට කන් දුන්නොත් ඔවුන් කියන්නේ කාබනික වගාව හොඳයි නමුත් එක පාරට කරපු එකයි වරද කියලා.

කවුරුවත් කාබනික වගාවට අකමැති නැහැ කියන එක මෙතනින් පැහැදිලියි. අප බලන්න ඕන ජනතාවට ගුණාත්මක වස විසෙන් තොර ආහාර ලබා දෙන්න. ඉස්සර කෑ ගැහුවෙ බහු ජාතික සමාගම් එපා කියල.

දැන් කියන්නේ රසායනික පොහොර ගන්න එයාලව තියාගන්න කියලා.මේවා අපි කල්පනා කර බලන්න ඕන. අපේ බිමේ මඤ්ඤොක්කා හොඳට වැවෙනවා.දේශීය අල වර්ග 60 කට වඩා තිබෙනවා.මුං ඇට කව්පි වගේ බෝග තිබෙනවා.මේවා ආහාරයට ගැනීමට අපි පුරුදු වෙන්න ඕන. රසායනික පොහොර වලට අපේ සල්ලි යනව දෙගොල්ලනම මේ සදහා කැපවිමක් කරන්න අවශ්‍යයි.

හාල් හිගයක් දැනුත් තියෙනව. අඩු ආදායම්ලාභින්ට දැනුත් හාල් කොච්චර තිබුනත් රටින් ගෙන්වන්න හදනව. අඩු ආදායම් ලාභින් පිලිබදව කල්පනා කරනව ඒ අයට අඩුව හාල් දෙන්නෙ කොහොමද කියල කල්පනා කරනවා”

– ADA

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න