Language Switcher

V2025

රිෂාඩ්ට ඇප ලැබෙයි !

මාස 06 කට වැඩි කාලයක් බන්ධනාගාර ගතකර තබාගෙන සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝගකර ඇත.

කොටුව මහේස්ත්‍රාත්‌ ප්‍රියන්ත ලියනගේ අද මෙම ඇප නියෝගය නිකුත්කර සිටියේ රුපියල්‌ ලක්ෂ 50 බැගින්‌ වූ ශරීර ඇප දෙකක්‌ සහ සෑම සති දෙකකට ම වරක්‌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටීමේ කොන්දේසි මතය.

මීට අමතරව රිෂාඩ්‌ බදියුදීන්ගේ විදෙස්‌ ගමන්‌ බලපත්‍රය අධිකරණය භාරයට ගන්නා ලෙස නියෝග කර ඇති අතර විදෙස්‌ ගමන්‌ තහනමක්‌ ද පනවා ඇත.

පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධිය සම්බන්ධයෙන්‌ ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්‌ හිටපු අමාත්‍යවරයාව අත්‌අඩංගුවට ගනු ලැබිණ.