අධිකරණ කටයුතුවල යෙදෙන සියලු විනිසුරුවරුන් ගේ උපරිම විශ්‍රාම වයස වසර දෙකකින් ඉහළ දැමීමට තීරණය කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය මත මේ වන විට 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
සංශෝධන කෙටුම්පත සහ යෝජිත අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර ඇති බවත්, එම යෝජිත පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ දින සිට දින 14ක කාලයක් තුළ, එම පනත් කෙටුම්පත්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්න කිරීමට අපේක්ෂිත කවර පාර්ශවයකට හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමේ අවස්ථාවක් ද පවතින බව නීතිඥ ජගත් අබේනායක සඳහන් කරයි.
ඔහු මෙ බව සදහන් කරන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය වෙත ලිපියක් යවමිනි.
යෝජිත සංශෝධන මගින් සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කටයුතු කරන පසුබිමක, මෙම සංශෝධන අගවිනිසුරුවරයාට ලබා දෙන සේවා දිගුවක් ලෙස අප සංගමයේ ඇතැම් සාමාජිකයින් ඇතුළු විවිධ දේශපාලනඥයින් විසින් අදහස් දැක්වීම පසු ගිය දිනවල නිරීක්ෂණය වූ බවත්, එය සාමාන්‍ය මහජනතාව සහ ගරුතර මහාසංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය ද නොමග යවන සුළු ප්‍රචාරණයක් වන්නේ යැයි ඔහු විශ්වාස කරන බව ද එම ලිපියෙහි සඳහන් වේ.
මතු පළ වන්නේ නීතිඥ ජගත් අබේනායක විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය වෙත යවන ලද සම්පූර්ණ ලිපිය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
