මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10වන අධියර සහ වෛද්‍ය සායනය හම්බන්තොට 12 වන පාබල සේනාංක මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරන්න ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08වන දා පැවැත්විණ.
වෛද්‍ය පරීක්ෂණ, කෘත්‍රිම පාද නඩත්තු සේවා, චර්ම රෝග සහ දන්ත සායන, අක්ෂි සායනයක් මෙන්ම පෝෂණ උපදේශන සායනයක් ඇතුළු තවත් රැසකින් වෛද්‍ය සායනය සමන්විත විය.
මෙම වැඩසටහන අතරතුර, ආබාධිත රණවිරුවන් ගේ ගමනාගමන පහසුව සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රෝද පුටු, කිහිලිකරු සහ වෙනත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදා දුන්නේ ය.
රණවිරු සේවා අධිකාරියේ සාමාජිකයින් මෙන්ම වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලය, පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය, නීති සේවා, මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්‍යක්ෂ මණ්ඩලය, සුභසාධන අධ්‍යක්ෂ මණ්ඩලය, රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් මෙම වැඩසටහනට සහභාගිවන මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් සහභාගී වී සිටියහ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
