එළඹෙන අප්‍රේල් මාසයේ සිට දුම්රිය ගාස්තු 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. අබේවික්‍රම පවසන ආකාරයට අදාළ ගාස්තු ඉහළ දැමීම වෙනුවෙන් අවශ්‍ය රජයේ අවසරය ලැබී ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය මාර්තු මස අගදී නිකුත් කිරීමට නියමිතව ඇත.
කෙසේ වුවත් අදාළ දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කර සිටින අතර එහිදී මේ වන විට රුපියල් 10ක් වන දුම්රිය අවම ගාස්තුවෙන් ගමන් කළ හැකි දුර ප්‍රමාණය වෙනස් කිරීමට අවධානය යොමු වී ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
