ජවිපෙ යෝජනාවක් නිසා ආණ්ඩුව දෙකඩ වෙන ලකුණු !

ජවිපෙ යෝජනාවක් නිසා ආණ්ඩුව දෙකඩ වෙන ලකුණු !

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් වන බව වාර්තා වෙයි.

අදාළ යෝජනාව ගෙන ඒම සම්බන්ධව මේ වන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ ජවිපෙ නිල නොවන මට්ටමින් සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය හැරුණු විට අනෙක් පක්ෂ ඊට ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති බවද වාර්තා වෙයි.

මෛත්‍රී පාර්ශවය එකඟ නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය අදාළ යෝජනාවට සහයදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් ඊට හේතුව ලෙස ජනාධිපතිවරයා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට සුදානමක් නොමැතිවීම දක්වා ඇති බවද වාර්තා වෙයි.

20 සංශෝධනය ගේන්නේ අපි - එජාප ප්‍රකාශකයෙක්

කෙසේ නමුත් නිල නොවන සාකච්ඡා වලදී එක්සත් ජාතික පක්ෂයද විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒමට අපේක්ෂාවෙන් සිටින බවද අනාවරණය වූ බව ජවිපෙ ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට විශ්වාසභංගය හා සමගාමීව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හරහා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවේදී ජනාධිපතිවරයාගේ පාර්ශවය නිෂ්ක්‍රීයව තබා ගැනීම එජාප අපේක්ෂාව වී ඇත.

2015 ජනවරමට අනුව විධායකය අහෝසි කළ යුතුයි

මේ සම්බන්ධව නිව්ස් ටියුබ් කළ අදහස් විමසීමකදී එජාප ප්‍රබලයකු සඳහන් කර සිටියේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා වන සුදානම අලුත් එකක් නොවන බවත් එය 2015 ජනවරමේ පැහැදිළිව සඳහන්ව තිබෙන්නක් වන බවය.

එසේම මෙතෙක් ඒ පිළිබඳ තම පක්ෂය කටයුතු නොකර සිටියේ සම්මුති ආණ්ඩුව තුළ ජනාධිපතිවරයා දුර්වල නොකිරීමේ ප්‍රතිපත්තියක සිටි නිසා බවත් එහෙත් මේ වන විට දේශපාලනය තුල සිදුවන අලුත් වෙනස්කම් හමුවේ 20 සංශෝධනය කඩිනම් කිරීමට තම පක්ෂයට සිදුව ඇති බවද ඔහු සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න