අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒමට සුදානම් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සඳහා තමන් අත්සන් කල නව රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක සඳහන් කරයි.
තවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මේ වන විට අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 30 කට ආසන්න පිරිසක් අත්සන් ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් එළඹෙන සතියේ ස්ථීර ලෙසම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීමට හැකිබවය.
එසේම මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළකර ඇති බවත් නොසිතූ පිරිසකගේ සහය ඒ සඳහා ලැබෙමින් ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
චතුර දුරකතනයෙන් වැඩ !
මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට සහය ලබාදෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න එම පක්ෂයේ තෝරාගත් මන්ත්‍රී පිරිස් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අතුරලියේ රතන හිමියන් සමඟ එකතුව ආණ්ඩුවට නව මුහුණුවරක් දෙමින් 2020 දී ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් වන වැඩපිළිවෙලක් තමන් සතු බවත් එහිදී චතුර මන්ත්‍රීවරයා අනෙක් මන්ත්‍රීවරුන් අමතා දැනුම්දී දැනුම්දී ඇති බවය.

