රනිල්ට එරෙහි විශ්වාසභංගය මෙන්න : එකාබද්ධයේ 20ක් දැනටමත් අත්සන් කරලා

රනිල්ට එරෙහි විශ්වාසභංගය මෙන්න : එකාබද්ධයේ 20ක් දැනටමත් අත්සන් කරලා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාවට මේ වන විට මන්ත්‍රීවරුන් 20 දෙනෙකු අත්සන් තබා ඇත.

විශ්වාසයභංගවූ කරුණු 14ක්

බැඳුම්කර වංචාවක් සිදුකිරීමේ කූට අරමුණින් සම්මතයට පටහැනිව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත්කර තමන් යටතට පත්කරවා ගැනීම, ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවූ අපකීර්තිමත් ඉතිහාසයක් ඇත්තාවූ බැඳියාවන් අතර ගැටුමක් ඇත්තාවූ අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිධුරයට පත්කිරීම, වංචනිකයින් බේරා ගැනීමට උත්සාහ දැරීම, වංචනිකයින් ආරක්ෂා කිරීමට 2015 මාර්තු 17 පාර්ලිමේන්තුව නොමග යවමින් විශේෂ ප්‍රකාශයක් කිරීම, ඇතුළු අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ කරුණු 14ක් මත මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.

මුල්‍ය අණපනත් 9ක් උල්ලංඝණය කරලා

එසේම අග්‍රාමාත්‍යවරයා විසින් සිය බලතල යුතු ලෙස පවරාගනිමින් සහ ධූරයේ කටයුතු කරමින් රටේ ආර්ථිකයට බලපාන මුල්‍ය අණපනත් 9ක් උල්ලංඝණය කර ඇති බවටද චෝදනාවක් ඒ අතර වෙයි.

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය !

ඒ අනුව අදාළ යෝජනාවේ සඳහන් වන්නේ "ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තවදුරටත් අග්‍රාමාත්‍ය ලෙස ද කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කිරීමේ හැකියාව මෙන්ම එතුමා අගමැති ධුරය දරන ආණ්ඩුවට කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ ද විශ්වාසයක් නොපවතින බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි" යනුවෙන්ය.

මහින්ද, චමල්, දිනේෂ්ගේ අත්සන් තවමත් නෑ : ලයිස්තුවේ 22 ට නාමල්ගේ අත්සන

කෙසේ වුවත් මෙම විශ්වාසභංග යෝජනාව සඳහා තවමත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයා වන හිටපු කතානායක චමල් රාජපක්ෂ අත්සන් තබා නැත. එහෙත් නාමල් රාජපක්ෂ පළමු අවස්ථාවේම මීට අත්සන් තබා ඇත. එසේම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාද තවමත් ඊට අත්සන් තබා නැත.

ශ්‍රීලනිප, UNP,JVP, TNA අත්සන් නෑ !

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම හැර එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානයේ කිසිවෙක් තවමත් ඊට අත්සන් ලබාදී නොමැත.

කෙසේ වුවත් ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ පිරිසක් තමන් ඉදිරිපත් කර ඇති මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට නියමිතව ඇති බවය.

2018 03 16 PHOTO 00000268 00

2018 03 16 PHOTO 00000270. 1gif

2018 03 16 PHOTO 00000271

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න