ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මගඩිය : පැය 5 ක් දත්ත මකලා !

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මගඩිය : පැය 5 ක් දත්ත මකලා !

ජාතිික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවරයා සිය නිවසේ සිට ඒ සදහා පැය 05 ක කාලයක් වැයකර ඇතැයි වාර්තා වෙයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීමේදී මේ බව අනාවරණය කර ඇත.

දත්ත මැකීම සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයේදී හෙළිවූ වූ තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෘදුකාංග ඉංජිනේරු වරයාව අත්අඩංගුවට ගනු ලබන්නේ ඊයේ (28) දිනයේ ය.

සැකකාර එම ඉංජිනේරුවරයා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත්කරනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට සදහන් කරනු ලැබුවේ මෙම සැකකරු සිය නිවසේ සිට පද්ධතියට ඇතුවී පැය 05 ක් ගතකරමින් දත්ත මකා දමා ඇත්තේ පසුගිය ජුලි 09 වෙනිදා බවය.

මෙම දත්ත මැකීමේ සිදුවීම ඩිජිටල් ත්‍රස්තවාදයක් බවද දිලීප පීරිස් අධිකරණය හමුවේ අවධාරණය කළේය.

මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට අධිකරණයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙමින් සැකකරුව ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් සලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න