Language Switcher

V2025

නිරෝධායන ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ඔක්තෝම්බර් 01 වැනි සිකුරාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කෙරිණි.

ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන රැස්වීමේදීය. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ජනාධිපතිවරයා එම තීරණය ගත් බව යුදහමුදාපතිවරයා සඳහන් කළේය.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා නියෝජනය ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.