ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සිදුව ඇති අල්ලස් ගැනීමේ සිදුවෙම සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මහරගම නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුව තුල දී එහි නිලධාරීන් දෙදෙනෙකු රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මෙම විමර්ශණය සඳහා මේ වන විටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස වෙත දැනුම් දී ඇත.
මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුලුවකට එක්ව සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා දුරකථනය ඔස්සේ සෞඛ්‍ය ලේකම්වරයා අමතමින් මෙම උපදෙස් ලබාදී තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම විසින් නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුව තුල දී එහි සහකාර නීති නිලධාරීවරයා සහ සූත්‍ර කමිටුවේ සාමාජිකයෙකු අල්ලස් ලබාගැනීමේ දී 14 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
