ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය සඳහන් කළේ, මේ බව දැනුම් දෙමින් විෂය භාර අමාත්‍යවරයාට ලිපියක් යොමු කළ බවය.
මෙම ඉල්ලා අස්වීම සිදුවන්නේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටි හීලෑ අලි , ඇතුන් මුල් හිමිකරුවන්ට මුදාහරින ලෙස නියෝග කර ඇති පසුබිමකදී ය.
නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකින් අලි ඇතුන් 13 දෙනෙකු මුල් හිමිකරුවන්ට ලබාදීමට නියම කෙරිණි.
පරිසර ක්‍රියාකාරිකයෙකු වන ඉෂිනි වික්‍රමසිංහ දෙපාර්තමේන්තුවේ ප්‍රගතිශීලී වෙනස්කම් කිහිපයක් හඳුන්වා දීමට මූලික වූ අයෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
