හදිසි නීතිය දීර්ඝ කිරීමේ සුදානමක් !

හදිසි නීතිය දීර්ඝ කිරීමේ සුදානමක් !

මේ වන විටත් ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳ තහවුරු කරමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ද ප්‍රකාශයක් සිදුකර ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ජපානයේ සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසු ආරක්ෂක තත්ත්වය සලකා බැලීමෙන් පසුව හදිසි නීතිය පිළිබඳ තීන්දුවක් ගනු ඇති බවය.

එසේම හදිසි නීතිය පනවා රට පාලනය කිරීමට උවමනාවක් නැතත් පවතින තත්ත්වය පාලනය කිරීම සදහා හදිසි නීතිය උවමනා බවද අමාත්‍යවරයා පවසා ඇති බවද වාර්තා වෙයි.

කෙසේවුවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සඳහන් කර සිටින්නේ ආණ්ඩුවට එරෙහිව මතුවෙමින් තිබෙන ජනතා විරෝධය මර්දනය කිරීම සඳහා ඉතා සුක්ෂමව හදිසි නීතිය උපයෝගී කරගන්නා බවක් පෙනෙන්නට ඇති බවය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහද පසුගියදා රූපවාහිනී දේශපාලන විවාදයකට එක්වෙමින් සඳහන් කර සිටියේ මහනුවර සිදුවීම කිසිසේත් හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට තරම් කාරණයක් නොවන නමුත් රජය සිය මර්දනකාරී ප්‍රතිපත්ති සඳහා ආවරණයක් ලෙස හදිසි නීතිය යොදාගනිමින් සිටින බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න