ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළව අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මාර්තු 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර ඇත.
අදාළ නඩුව අද (15) කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇති අතර ඔවුන් දෙදෙනා සමඟ දුරකථන සංවාද සිදුකර ඇති පිටස්තර පුද්ගලයන්ගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසද දුරකථන සමාගම් වෙත නියෝගයක්ද එහිදී නිකුත් කර ඇත.
එසේම මෙතෙක් අධිකරණය ඉදිරිපාත්ව නොමැති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසටද නියෝගයක් නිකුත් කරන්නට මහේස්ත්‍රාත්වරිය කටයුතු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
