වෛද්‍ය උපදෙස් නොමැතිව දරුවන්ට විටමින් C දෙන්න එපා - විශේෂඥ වෛද්‍ය නලින්

වෛද්‍ය උපදෙස් නොමැතිව දරුවන්ට විටමින් C දෙන්න එපා - විශේෂඥ වෛද්‍ය නලින්

දෙමව්පියන්ගේ හිතුමනාපය පරිදි දරුවන්ට විටමින් C ලබාදීම නුසුදුනු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පැවසීය.

ඔහු ‍මේ පිළිබද පවසා ඇත්තේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ අතරතුරය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ දිනවල දරුවන්ට සුදුසු බව පවසමින් සමාජ මාධ්‍යවල විවිධ බෙහෙත් වර්ග පිළිබඳව සඳහන් කරන බවය.

"සමාජ මාධ්‍යයෙන් දැකලා තියෙන, ඔබට හිතෙන එක එක බෙහෙත් වර්ග දරුවන්ට ලබාදෙන්න එපා. ඒක සමහර වෙලාවට දරුණු ආබාධ ඇතිකරන්න පුළුවන්. දෙමව්පියන්ට හිතෙන පරිදි දරුවන්ට විටමින් C දෙන්න එපා කියන එක තමයි අපි කියන්නේ. මොකද දරුවන්ට විටමින් C කොච්චර දෙන්න ඕනෙද කියලා කවුරුත් දන්නේ නෑ. උණ තියෙනවා නම් නියමිත මාත්‍රාවෙන් පැරසෙටමෝල් ලබාදෙන්න. ඊට වඩා දෙයක් තියෙනවා නම් රෝහලකට හෝ වෛද්‍යවරයෙකු හමුවෙලා වෛද්‍ය උපදෙස් අනුව පමණක් ලබාදිය හැකි ඖෂධ පමණක් ලබාදෙන්න."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න