විමල් - ගම්මන්පිල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක : පොහොට්ටුවෙන් නිල චෝදනාවක් !

විමල් - ගම්මන්පිල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක : පොහොට්ටුවෙන් නිල චෝදනාවක් !

කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ , උදය ප්‍රභාත් ගම්මන්පිල ඇතුළු පිරිසක් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක නිරත බවට ආණ්ඩු පාර්ශවය විසින්ම බරපතළ චෝදනාවක් එල්ලකර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සහ අමාත්‍ය ගාමිණි ලොකුගේ විසින් අද (23) එම පක්ෂ මුලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කෙරින.

සති තුනකට රට වසන ලෙස පසුගියදා ආණ්ඩු පක්ෂ සන්ධානයේ පක්ෂ 10ක් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය ජාත්‍යන්තර බළල් අතක මෙහෙයවීමක් අනුව සිදුව ඇති බවට එහිදී පැහැදිලි සැකසංකා මතුකෙරිණ.

ජාත්‍යන්තර බලවේග ආණ්ඩුවේ පාර්ශව බිලිබා ගනිමින් ඇති බවත් රට වැසීම සඳහා පසුගියදා ප්‍රසිද්ධියට පත්කළ ලිපිය ඒ අනුව ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවක් බවට එහිදී ලොකුගේ අමාත්‍යවරයා සෘජුවම චෝදනා කර සිටියේය.

කැබිනට් මණ්ඩලයේ එකට සිට රට වසා දමන‌ ලෙසට කිසිවක් ප්‍රකාශ නොකොට එළියට විත් රට වසා දමන ලෙසට විමල් වීරවංශ මහතා ඇතුලු ආණ්ඩුවේ කොටසක් ලිපි ලිවීම කිසිසේත්ම පිළිගත නොහැකි එකක් බවත් මේ සම්බන්ධව දැඩි පියවර ගන්නා ලෙසද ඔවුන් විසින් ජනාධිපති වෙතින් ඉල්ලා සිටින ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න