“අපේ වාර්තා ජාතිවාදීයි” ජාත්‍යන්තර සඟරාවක් පිළිගනී

“අපේ වාර්තා ජාතිවාදීයි” ජාත්‍යන්තර සඟරාවක් පිළිගනී

ලොව පුරා විසිරි සිටින ජනතාව පිළිබඳ තමන් සිදු කළ අතීත වාර්තා ජාතිවාදී ස්වරූපයක් ගෙන ඇති බව ප්‍රකට ඇමෙරිකානු සඟරාවක් හෙළි කරයි.

“සියලු ආකාරයේ අතිශයෝක්තින් ප්‍රචාරය කරමින්” සුදු නොවන ඇමෙරිකානු ජාතිකයන් නොතකා සිටි බවත් විවිධ කණ්ඩායම් විදේශිකයන් හෝ වනචාරීන් ලෙස හුවා දක්වා ඇති බවත් නැෂනල් ජෝග්රෆික් හි සංස්කාරක සුසෑන් ගෝල්ඩ්බර්ග් පැවසුවාය.

සිවිල් අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මාටින් ලූතර් කිං ඝාතනය වී එළඹෙන අප්‍රේල් මසට 50 වසරක් සපිරීම නිමිත්තෙන්, එකී අඩ සියවස තුල සඟරාව සිදු කළ වාර්තාකරණය පිළිබඳ නැවත විමසා බැලීමට ඔවුන් තීරණය කර තිබේ.

වර්ජිනියා විශ්වවිද්‍යාලයේ සහායක මහාචාර්ය ජෝන් එඩ්වින් මේසන් වෙත එම විමර්ශන කටයුතු භාර දී ඇත.

wn56

එසේම සඟරාවේ අප්‍රේල් කලාපය ජාතිකත්වය උදෙසා වෙන් කිරීමට ද නැෂනල් ජෝග්රෆික් තීරණය කර තිබේ.

ඒ අනුව “දශක ගණනාවක් පටන් අපගේ වාර්තා වර්ගවාදී විය” යනුවෙන් නම් කළ කතුවැකිය යටතේ “වත්මනේ දී ඉතා නින්දිත අයුරින් ජාතිවාදය යොදා ගැනීම හුදෙක් දේශපාලන ක්‍රමෝපායක් ලෙසට ගණන් ගමු, එසේම ඊට වඩා අපි හොඳ බව ඔප්පු කර පෙන්වමු,” යැයි සුසෑන් ගෝල්ඩ්බර්ග් සඳහන් කර ඇත.

“දකුණු ඕස්ට්‍රේලියානු කල්ලන්: සමස්ත මිනිස් වර්ගයාගෙන්ම අඩුම බුද්ධි මට්ටමක් සහිත කොටසක් ලෙස මෙම වනචාරීන් සැලකේ,” යන ශිර්ෂ පාඨය සහිතව 1916 දී පල කෙරුණු ඕස්ට්‍රේලියානු ආදිවාසී ඇබෝරිජින් ජන කොට්ටාසයේ ඡායාරූපයක් ඇතුළුව සඟරාවේ සංරක්ෂිත මුද්‍රණ කිහිපයක් පරිහරණය කළ පසු තමන් නිරුත්තර වූ බව ඇය පවසන්නීය.

නැෂනල් ජෝග්රෆික් සඟරාවේ පළමු ප්‍රකාශනය නිකුත් කර ඇත්තේ 1888 සැප්තැම්බරයේදී ය.

radiogagana

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න