වෛද්‍යවරුන් 209 කට කොරෝනා !

වෛද්‍යවරුන් 209 කට කොරෝනා !

දිවයින පුරා වෛද්‍යවරු 209 දෙනකුට කාරෝනා ආසාදිත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

මේ වන විට වෛද්‍යවරු 30ත් 40ත් අතර ප්‍රමාණයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, එක් වෛද්‍යවරයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර ලබන බවද එම සංගමය සදහන් කරයි.

ගාල්ල කරාපිටිය රෝහලේ හදීසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඉඳුරුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එසේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවද එම සංගමයයේ ප්‍රකාශකයෙක් පැවසීය.

කොරෝනා වයිරසයේ සංකූලතා හේතුවෙන් මේ වන විට වෛද්‍යවරු තිදෙනකු මියගොස් ඇති බව ද එම ප්‍රකාශකයා සදහන් කළේය.

කෑගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, රාගම රෝහලේ වෛද්‍යවරු දෙදෙනකු කොරෝනා රෝගයෙන් මේ වන විට එසේ ජීවිතක්ෂයට පත්වූ වෛද්‍යවරු තිදෙනාය.

වෛද්‍යවරුන්ට කොරෝනා රෝගය වැළැදීම ඉතාමත් වේගයෙන් සිදුවන බවත් වෛද්‍යවරුන් ලෙඩවීමෙන් ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කළ යුතුව ඇති බැවින් වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් සේවාවලින් ඉවත් විම තුළ විශාල අර්බුදයක් මතුව ඇතැයි ද එම සංගමය වැඩිදුරටත් පැවසීය.

කොරෝනා ආසාදිත වෛද්‍යවරුන් අතර, කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනකු හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 17 දෙනකු ද ඇතුළත්ව ඇති බව ද ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර, දිවයින පුරා පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1000කට පමණ මේ වන විට කොරෝනා ආසාදිතව ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බව ද ආරංචි මාර්ග සදහන් කරයි.

(lankadeepa )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න