කොවිඩ් මරණ අඛණ්ඩව ඉහළට : දිනයක් තුළ 124 ක් !

කොවිඩ් මරණ අඛණ්ඩව ඉහළට : දිනයක් තුළ 124 ක් !

කොවිඩ් මරණ 124ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊට අනුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් අද (11) නිකුත්කර ඇති වාර්තාව අනුව මේ ඊයේ (10) තහවුරු කල මරණ සංඛ්‍යාව වෙයි.

එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වන අතර ඒ සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,464ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 49 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 75 දෙනෙකුද සිටි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 95 දෙනෙකු සිටි බවත් අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නිකුත්කළ වාර්තාව පහත දැක්වෙයි.

8 11dead

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න