දැනට රට තුළ පවතින වසංගත තත්වය හේතුවෙන් කලින් සැලසුම් කර තිබූ පරිදි එළැඹෙන මස මුල් සතියේ පාසල් යළි විවෘත කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල් පීරිස් සදහන් කරයි.
ඇමතිවරයා බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
අගෝස්තු මස අවසන් වීමට ප්‍රථම සියලු ගුරුවරුන්ටත් අනධ්‍යන කාර්ය මණ්ඩලයවලටත් එන්නත් ලබා දී ඉන් අනතුරුව සැප්තැම්බර් මුල් සතියේ ක්‍රමානුකූලව පාසැල් විවෘත කිරීමට කලින් සැලසුම් කර තිබූ බවත් ඔහු පැවසීය.
නමුත් පවතින වසංගත තත්වය යටතේ එය කළ නොහැකි බවත් ගුරු වෘත්තීය සමිති විසින් දැනට ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගය ද ඊට බලපෑ බවත් ඔහු සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
