පාර්ලිමේන්තුවේ මන්ත්‍රී 03කට කොරෝනා !

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී 03කට කොරෝනා !

මේ වන විට තවත් මැති ඇමතිවරුන් තිදෙනෙකු කොරෝනා ආසාදිත බව වාර්තා වෙයි.

ඒ අනුව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි.

ආසන්න දින කිහිපය තමන් ඇසුරු කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙසද ඔහු ඉල්ලා සිටී.

මේ අතර ආණ්ඩුව නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටද කොරෝනා ආසාදිත බව දැනගන්නට ඇත.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි ද සඳහන් කරන්නේ තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ආසන්න සතියේ තමන් ආශ්‍රය කළ සියලු දෙනා නිරෝධායනයට ලක් වන ලෙස ද ඔහු ඉල්ලා සිටි.

තවද මේ වන විට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොරෝනා වැළඳී සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න