නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාරට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම සිදුකර ඇති නිර්දේශ මත ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ පෙත්සම විභාග කිරීමට අවසර ලබාදෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ බී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර ඇත.
පසුගිය ජනවාරි මස 18 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව එම කොමිෂන් සභා වාර්තාවෙන් පෙත්සම්කරු සම්බන්ධයෙන් සිදුකර ඇති නිර්දේශවලට අදාළව ඉදිරි පියවර ගැනීම ද මෙම තහනම් නියෝගය මගින් වළක්වා තිබේ.
දේශපාලන පළිගැනීම් සම්බන්ධව හිටපු විනිසුරු උපාලී අබේරත්නගේ ප්‍රධානත්වයෙන් මෙකී කොමිසම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටවූවකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
