සිරස , ශක්ති මාධ්‍ය ජාලය හිමි කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් නොහොත් කිලී මහරජා අද (25) උදැසන අභාවප්‍රාප්ත වී ඇත.
කෝවිඩ් 19 ආසාදනය වීම නිසා පසුගිය දින කිහිපයේ බරපතල ලෙස රෝගාතුරව සිටි ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් එසේ ජිවිතක්ෂයට පත්ව ඇත.
ජිවිතක්ෂයට පත්වන විට 79 හැවිරිදි වියේ පසුවූ ඔහු කෝවිඩ් 19 මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙකි.
මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශාල පෙරළියකට මග හෙළිකරමින් සිරස නාලිකාව සමාජගත කලේ කිලී මහරජායි . ඔහු මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු ද වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
