Language Switcher

V2025

රාජපක්ෂ පවුලේ ලෝක වාර්තාවක් : එරාන් හෙළිකරයි !

එකම පවුලේ පස්දෙනෙකු අමාත්‍ය මණ්ඩලය තුළ සිටින එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.

ලොව වෙනත් කිසිම රටක එකම පවුලේ පස්දෙනකු අමාත්‍ය මන්ඩලයක් නියෝජනය නොකරන බවද ඔහු සඳහන් කල අතර ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් ධක්වමින්ය.

මේ වනවිට රජපක්ෂ පවුල නියෝජනය කරමින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අතර රාජ්‍ය අමාත්‍යවරයකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක එම පවුල් සමාගම නියෝජනය කරයි.

එසේම පසුගියදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතද වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාව මේ වනවිට පවුල් සමාගමක පාලනයට නතු වෙමින් පවතින බවයි.