මාරාන්තික කොවිඩ් ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවී ඇතිබව විශේෂඥයෝ පවසති.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ ලබාගත් නියැඳී මගින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.
කොළඹ, කිලිනොච්චිය, යාපනය යන දිස්ත්‍රික්කවලින් සහ නාවික හමුදා සාමාජිකයින්ගෙන් ලබාගත් සාම්පල මගින් මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගෙන තිබුණි.
ඒ අනුව මේ වනවිට මෙරටින් ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් 38 දෙනෙකු හඳුනාගෙන ඇති බව වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
