Language Switcher

V2025

කාදිනල්ගෙන් ආණ්ඩුවට ලිපියක් !

පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධව දැනට සිදුකරන විමර්ශන පිළිබඳ යෝජනා මාලාවක් හා එම විමර්ශනවල ඇති අඩුපාඩු පෙන්නා දී ලිපියක් ජනපතිට ඇතුළු රජයට යොමු කළ බව මැල්කම් කාදිනල් රංජිත් පවසයි.

ඒ අද (13) කොළඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

ජාතික කතෝලික ප‍්‍රකාශක කමිටුවේ කතෝලික රදගුරු මණඩලයේ රදගුරුතුමන්ලා හත්දෙනකු පියතුමන්ලා සහ විද්වතුන් පිරිසක් එක්ව මෙම වාර්තාව සකස් කළ බව ද කාදිනල් පැවසීය.