හාල් ගන්න කඩේ යන හැම මනුස්සයම ජනපතිටයි, ආණ්ඩුවටයි බනිනවා - බන්දුල

හාල් ගන්න කඩේ යන හැම මනුස්සයම ජනපතිටයි, ආණ්ඩුවටයි බනිනවා - බන්දුල

"හැම මනුස්සයෙක්ම කඩේට ගිහිල්ලා ජනාධිපතිතුමාට ආණ්ඩුවට බනිනවා. රටට අවශ්‍ය සහල් ප්‍රමාණය නිෂ්පාදනය කරලා අතිරික්තවල් ගොඩගහගෙන ඉඳලා සාමාන්‍ය මනුස්සයාගේ ප්‍රධාන ආහාරයේ මිල මෙලෙසින් ඉහළ නංවන්න තවදුරටත් ඉඩදෙන්න බෑ. යැයි බන්දුල ගුණවර්ධන පවසයි. 

බන්දුල ගුණවර්ධන  මේ බව පැවසුවේ ඊයේ (12) මොණරාගල සතොස ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

 අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් කෘෂිකර්ම ඇමතිතුමාත් අපිත් එකතුවෙලා ලබන කන්නයේ මේ අවශ්‍ය නීති රීති වෙනස් කරගත්තායින් පස්සේ අපි නාඩු සහ කැකුළු සහල් අවුරුදු තුනක් කාල පරිච්ඡේදය පුරාවටම රුපියල් 100ට වඩා අඩුවෙන් ලබාදීමේ වගකීම ඉෂ්ඨ කරනවායි කියන එක මං මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. කවුරුහරි කෙනෙක් තමන් ලාබ ලැබීමේ අරමුණ ඇතුව මේ අමාරු අවස්ථාවේ වී තොග රැස් කරලා ලාබ ලබන්න හිතාන ඉන්නවා නම් ඒ අදහස අත්හරින්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න