ගුරු වෘත්තීය සමිති ආණ්ඩුවට අනතුරු අඟවයි !

ගුරු වෘත්තීය සමිති ආණ්ඩුවට අනතුරු අඟවයි !

ආණ්ඩුවේ තීන්දුවලට එරෙහිව සිදු කරනු ලබන විරෝධතාවයන්ට සම්බන්ධ වන පිරිස් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඊට මුහුණ දීම සඳහා සූදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

ඔහු මේ අදහස් පළ කරනු ලැබූවේ අද (11) දින කැඳවා තිබූ ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

කොතලාවල පනතට එරෙහිව විරෝධතාවයට සම්බන්ධවූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිස් අධිකරණයෙන් ඇප ලබා දී තිබියදී දඬුවමක් සේ නිරෝධායනට යොමු කිරීමට විරෝධය පළකරමින් හෙට (12) දින සිට මාර්ග ගත ක්‍රමයට (online) සිදු කරනු ලබන ඉගැන්වීමේ කටයුතු වලින් ගුරුවරුන් ඉවත් වීමට ගත් තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව එම මාධ්‍ය හමුවට සහභාගී වූ ගුරු වෘත්තීය සමිති පවසයි.

එම වෘත්තීය සමිති සදහන් කළේ විරෝධතාවයේ නිරත වූ සිය වෘත්තීය නියෝජිතයින් අනීතිකව රදවාගෙන සිටීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කළ බවයි. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් එක්ව සිටින බවත් ඔවුන් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න