රූපවාහිනිය හා ගුවන් විදුලිය අවබෝධතා ගිවිසුමක

රූපවාහිනිය හා ගුවන් විදුලිය අවබෝධතා ගිවිසුමක

හරවත් මාධ්‍ය සංස්කෘතිකයක් රටට හඳුන්වා දීමේ අරමුණින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අතර ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළට අදාළ අවබෝධතා ගිවිසුමට පසුගියදා (07) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී අත්සන් තැබිණ.

ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ලගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

මේ වසර ආරම්භයේදී අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී එම ආයතන සියල්ල එක්ව වෙළෙඳපොළ ඇතුළු අනෙකුත් අභියෝග ජය ගැනීම සඳහා කටයුතු කිරීමේ වැදගත් බව පෙන්වා දෙනු ලැබීය.

ඒ අනුව එක් එක් ආයතනයන්හි අනන්‍යතාව රැකගනිමින් මෙම වැඩපිළිවෙල නිසි සැළැසුමක් අනුව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

නව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන  විසින් සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජගත් පී. විජේවීර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ ,ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ (මූල්‍ය) නීතිඥ ජනක රණතුංග ,අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ මාධ්‍ය ලේකම් මාධ්‍යවේදී ඉන්දික පොල්කොටුව යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්වූ අතර අදාළ ගිවිසුම යටතේ ක්‍රියාත්මක පළමු වැඩසටහන "නොමියෙන මිනිසුන්" නැමැති වැඩසටහනය.

ප්‍රවීණ ගායක එච්.ආර්.ජෝතිපාල මහතාගේ තිස් හතර වෙනි ගුණ සැමරුසම වෙනුවෙන් මෙහි පළමු වැඩසටහන සකස් කෙරිණි.

{gallery}rupawahini-slbc{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න