ව්‍යාජ ප්‍රශ්න වෙනුවෙන් මරාගැනීම නවත්වා කාන්තාව මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් සටන් කරමු - නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය

ව්‍යාජ ප්‍රශ්න වෙනුවෙන් මරාගැනීම නවත්වා කාන්තාව මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් සටන් කරමු - නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය

නිදහස උදෙසා කාන්තා ව්‍යපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න, පාලකයන් විසින් නිර්මාණය කරන ව්‍යාජ ප්‍රශ්න වෙනුවෙන් එකිනෙකා ඇණ කොටා ගැනීම නවත්වා අපේ රටේ වතුකරයේ , මැද පෙරදිග සහ වෙළඳ කළාපවල දුක් විඳින මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් සමාජයක් ලෙස මැදිහත් විය යුතු බව පවසයි .

 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් ‘විදෙස් වහල් ශ්‍රමයට කාන්තාවන් බිලිදීම නවතනු!“ යන තේමාවෙන් සංවිධානය කළ විරෝධතා පෙළපාලියක් ඊයේ (8) කොළඹදී පැවැති අවස්ථාවේ ඇය මෙම අදහස පළ කර තිබුණි.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හේමමාලි අබේරත්න

මේ වෙනකොට කිසිම වැදගැම්මකට නැති ප්‍රශ්න අල්ලාගෙන මේ රටේ මිනිස්සු මරාගන්නවා. පාලකයෝ වෙන ප්‍රශ්න පෙන්නලා මේ රටේ මිනිස්සු අතර විරසකය ඇති කරනවා. අපේ රටේ බහුතරයක් කාන්තාවෝ විදෙස් ගතවෙලා මරණවලට, ලිංගික හිංසනයන පීඩාවන්ට ගොදුරු වෙනවා. පාලකයෝ ඒ දේවල් නැවත්වීම වෙනුවෙන් කිසිම පියවරක් ගන්නේ නැහැ. මේ වසරේ විතරක් ලංකාවේ සහෝදරියෝ ගෘහ සේවය වෙනුවෙන් 93175 ක් විදෙස් සේවයට ගිහින් තියෙනවා. නමුත් ඔවුන් මරණයට, හිංසා පීඩාවකට පත්වූ විට වන්දි මුදලක් ලබා දෙන්නවත්ද පවුල මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුමක් දෙන්නවත් කිසිම පාලකයෙක් මැදිහත් වෙලා නැහැ. මේක තමයි අපේ සමාජයේ ඇත්ත ප්‍රශ්නය. මේ විදිහට පිඩාවට පත්වෙන්නේ තමන්ගේම සහෝදරිය, බිරිඳ, යෙහෙළිය කියන එක අපේ සියලු දෙනා කල්පනා කරන්න ඕනා. අපි මුළුමහත් සමාජයක් විදිහට එකතුවෙලා මෙයට විරුද්ධව සටන් කරන්න ඕනා.

fe 1

FW3

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න