හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි පූජ්‍ය බද්දේගම සමිති හිමි අද (30) අලුයම අපවත් වූහ.
මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූහ.
පසුගිය දා කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගත කෙරිණු අතර, අපවත් වන විට උන්වහන්සේ 68 හැවිරිදි වියේ පසු වූහ.=
ප්‍රතිකාර ලබා යළි විහාරස්ථානයට පැමිණිමෙන් පසු ඇති වූ පෙනහලු ආබාධයක් හේතුවෙන් උන්වහන්සේ යළිත් රෝහල්ගත කර සිටියදී අපවත් වූ බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ = පැවසී ය.
ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස දේශපාලනයට පැමිණි බද්දේගම සමිති හිමියන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුයේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමිනි.
පුජ්‍ය බද්දේගම සමිත හිමියන් පසුගිය මහමැතිවරණය සඳහා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග වැදුණහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
