එන්නත්කරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී වාතාවරණය හේතුවෙන් අද (25) උදෑසන සිට බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන රාජකාරී ඇතුළු සියලු කටයුතුවලින් ඉවත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
ඊයේ (24) දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට කොවිඩ් එන්නත ලබාදීමට ගත් පියවර හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කරයි.
කොවිඩ් මර්දන රාජකාරී කටයුතුවල නිරතව සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට පවා එන්නත්කරණ කටයුතු සිදු නොකරන පසුබිමක් තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට කොවිඩ් එන්නත ලබාදීමට ගත් තීරණය වැරදි බව ඔවුන්ගේ අදහසය.
මෙ අතර තමන් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට සිය රාජකාරිවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයද පවසයි.
ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති, සුමිත් කොඩිකාර පැවසුවේ කොවිඩ් එන්නත්කරණ ක්‍රමවේදයට විරෝධය දක්වමින් ඔවුන් එම තීරණය ගත් බවය. එන්නත්කරණ වැඩපිළිවෙල මුලදී යම් ක්‍රමවේදයකට සිදුකළ ද මේ වනවිට ප්‍රමුඛතා ලැයිස්තු උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වෙමින් ඇති බවය.

