කොරෝනා වෛරසය ආසාදන වී සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආශ්‍රිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග වෙත යොමු වන ලෙස දැනුම්දී තිබේ.
වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තුවේ කැමරා දර්ශන නිරීක්ෂණයේ දී මෙම ආශ්‍රිතයන් හඳුනාගෙන ඇත.විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනෙකු ද ඒ අනුව නිරෝධායනයට යොමුකර ඇත.
විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සමගි ජන බලවේගය නියෝජනය කරන අය බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාලය කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බවත් වැඩිදුරටත් දැනගන්නට ඇත.
විපක්ෂ නායක කාර්‍යාලයේ කාර්ය මණ්ඩලය ද නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

