රටට විපතක් සිදු වී ඇති වෙලාවක ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානියා වන බැසිල් රාජපක්ෂ රටින් පිටවී යාම කනගාටුදායක තත්ත්වයක් බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.
රටේ තත්වය මත එය සිදු නොකළ යුත්තක් බව පැවසූ උන්වහන්සේ පෞද්ගලික කාරණාවකට විදෙස් ගත වීමට බලපෑම් කළ නොහැකි බවද ආනන්ද හිමි පැවසූ අතර ඒ විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
මීට පෙරද බැසිල් රාජපක්ෂ මහතා මෙවන් තත්ත්වයන් ඇති වූ විට රටින් පිට වූ බවද පවසන උන්වහන්සේ බැසිල් රාජපක්ෂ ඉදිරියේ තම වැඩ කටයුතු සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බවද පැවසූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
