සති දෙකකට හෝ ජනතාව නිවෙස් තුළම රඳවා තැබිය යුතුයි - වෛද්‍ය සුදර්ශනී

සති දෙකකට හෝ ජනතාව නිවෙස් තුළම රඳවා තැබිය යුතුයි - වෛද්‍ය සුදර්ශනී

කොවිඩ් පැතිරීම වැළැක්වීමට නම්, සති දෙකකට හෝ ජනතාව නිවෙස් තුළම රඳවා තැබිය යුතු බවට ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක ලෙස තමන් නිර්දේශ කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  පවසයි.

එසේ වුවහොත් වෛරසය ව්‍යාප්තවීමේ චක්‍රය ඛණ්ඩනය කර ගැනීමට හැකි වනු ඇති බව අමාත්‍යවරිය පැවසුවාය.=

”අනිවාර්යෙන්ම අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියන්න මොකද එහෙම වුනොත් මේ රෝග පැතිරීම අපට පාලනය කරගන්න පුළුවන් මේකේ බීජ ඉන්කියුවේශන් පිරීයඩ් එක දවස් 02 ඉදලා දවස් 14 ක් දවස් 14 ක් ජනතාව ගෙදරට වෙලා හිටියොත් ගෙදරට ලෙඩේ යන්නේ නැහැ. ඒ වගේම රෝගීන්ගෙන් එළියට යන්නෙත් නැහැ. එතකොට අපට මේ සයිකල් එක කඩාගන්න පුළුවන් කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙක් හැටියට මම නිර්දේශ කරනවා”

වෛද්‍යවරු හා රජය නියෝජනය කරන නියෝජිතවරිය ලෙස එලෙස වසා තැබීමක් ගැන ප්‍රකාශ කළ හැකිදැයි, එහිදී මාධ්‍යවේදීහු අමාත්‍යවරියගෙන් විමසා සිටියහ.

ඒ පිළිබඳ තීන්දුවක් ප්‍රකාශ කළ නොහැකි නමුත් තමාගේ නිර්දේශය එය බව ඇය පවසා සිටියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න