කොවිඩ් ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රෙිලියානු රජයෙන් පරිත්‍යාගයක්

කොවිඩ් ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රෙිලියානු රජයෙන් පරිත්‍යාගයක්

මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඔස්ට්‍රෙිලියානු රජයේ මූල්‍ය දායකත්වය යටතේ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  වෙත ප්‍රදානය කිරිම අද දින (19) පෙරවරුවේ සිදු කෙරිනි.

යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගේම්  (Ms.Emma Brigham) විසින් මෙම උපකරණ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  වෙත කොළඹ පිහිටි යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ දී සංකේතාත්මකව පරිත්‍යාග කළ අතර, ඔස්ට්‍රෙිලියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් ඩේවිඩ් හොලි  (Mr. David Holly) සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි  (Ms.Hanaa Singer-Hamdy) මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රුපියල් මිලියන 952 වටිනාකමකින් යුත් ඔක්සිජන් සිලින්ඩර් 291 ක්, ඔක්සිජන් රෙගුයුලේටර් (oxygen regulators) 342 ක්, ඔක්සිජන් මුව ආවරණ 2,490 ක්, ගිණි නිවන උපකරණ (fire extinguishers) 20 ක් මෙහිදී පරිත්‍යාග කරන ලදි.

මෙම උපකරණ බස්නාහිර පළාත ප්‍රමුඛව කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබාදීමට නියමිතය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  කියා සිටියේ මෙම පරිත්‍යාගය මෙරට කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සඳහා ඉවහල්වන බවත්, මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළ ඔස්ට්‍රෙිලියානු රජයට සහ එ‍ම රටේ ජනතාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ස්තූතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.

මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවට ලබාගැනීම සදහා සම්බන්ධීකරණ කටයුතු සිදු කළ යුනිසෙෆ් සංවිධානය වෙත ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය අවංක කෘතඥතාව පළ කරන බවත් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්  සහ යුනිසෙෆ් සංවිධානය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න