කොරෝනා ආසාදිත පුද්ගලයන් 34 දෙනකු මරණ ඊයේ (18) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කළ අතර ඒ මෙතෙක් එක් දිනකදී මෙරටින් වාර්තාවන ඉහලම කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් කරමින්ය.
ඒ සමග මෙරට කොරෝනා ආසාදිත මරණ ප්‍රමාණය 1015 දක්වා ඉහළ යයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් සෞඛ්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීණයකු සඳහන් කර සිටියේ මේ වන විට දිනකට 20 කට ආසන්න කොරෝනා මරණ වාර්තා වූ බවත් දැන් එය ප්‍රමාණාත්මකව වැඩි වෙමින් තිබෙන බවය.
එබැවින් වහාම වසංගතවේද විද්‍යාව අනුව නිවැරැදි ක්‍රියාමාර්ග ගත යුතු බවත් සෞඛ්‍ය අංශයේ අදහස් ප්රමුඛ නොකර තත්ත්වය පාලනය කිරීමට හැකියාව නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
ජනතාවගෙන් 60%ක් අවධානමේ !
මෙරට ජනතාවගෙන් 60%කට එනම් මිලියන 12කට කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙ නියෝජ්‍ය අධ්යක්ෂ හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
එම ආසාදිතයන් ගෙන් අඩුම තරමෙන් 120,000 දෙනා මියයනු ඇති බවත් ඔහු කියා සිටී.
රජය මේ වන තෙක් වෛරසය නිසි ලෙස හඳුනාගෙන නැති බවත් දැන් සිදු කරන ආකාරයට ලොක්ඩවුන් කිරීමෙන් කිසිදු ඵලක් නැති බවත් ඔහු පවසයි.දිනවල ඉන්දියාවේ පැතිරෙමින් යන මාරාන්තික කළු දිලිරී රෝගයද ලංකාවට පැමිණ ඇතැයිද ඔහු කියා සිටියි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවේදී වෛද්‍යවරයා මෙම අදහස් පළ කළේය.

