රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඊයේ (18)) හිටපු ආණ්ඩුකාර අසාද් සාලි රෝහල්ගත කර ඇත.
'' අසාද් සාලි මෙවනකොට කොළඹ ජාතික රෝහලේ 49 වාට්ටුවට ඇතුලත් කරලා තියනවා. ඔහුගේ කකුලේ ලොකු තුවාලයක් . වෛද්‍ය උපදෙස්මත එකට එන්නත් කරන්න තමයි CID එකෙන් ජාතික රෝහලට ඇතුලත් කරලා තියන්නේ. අසාද් සාලිට බ්ලඩ් ප්‍රෙෂර් වගේම ඩයබිටික් තියනවා. '' යයි පැවසු එම නිලධාරියා, කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වැඩිදුරටත් සඳහන් කළ බව ලීඩර් වෙබ් අඩවිය ද වාර්තා කරයි.
එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ අසාද් සාලි හිටපු ආණ්ඩුකාර වරයාගේ සමිපත හිතවතකු පැවසුයේ, රුධිර කැටියක් හිරවීම හේතුවෙන් රහස් පොලීසියේ දී වෛද්‍යවරයෙකු විසින් ඊයේ පැය ගණනක් ඔහුට ප්‍රතිකාර කර ඇති බවයි. එහිදී ඔහුට එන්නත් කිහිපයක් ලබාදීමෙන් පසුව අසාධ්‍ය තත්වයට පත්ව ඇති අතර ඊයේ රාත්‍රී රෝහල් ගත කර ඇති බව ඔහු සඳහන් කළේය.
මාර්තු 15 දින අත්අඩංගුවට ගනු ලැබූවේ උඩරට, කතෝලික හා රෙජිස්ටාර් විවාහ වශයෙන් ලංකාවේ විවාහ නීති තුනක් තිබේ නම් මුස්ලිම්වරුන්ට මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහවීමට අවසර තිබිය යුතු යැයි ප්‍රකාශ කිරීම නිසාය.
එයට පෙර පොලිස් ඇමති සරත් වීරසේකර කල්මුණේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාර එල්ල කළ බව දැක්වෙන හඩ පටයක් ඔහු පුවත්පත් සාකච්ඡාවක දී එළි දැක්වීය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට රහස් පොලීසිය නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබු අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහු රදවා ගෙන තිබුණි.
සහරාන් ගැන මුලින්ම කිව්වේ අසාද් සාලි :
සහරාන් පිළිබඳව මුලින්ම කරුණු අනාවරණය කර තිබුණේ අසාද් සාලි විසිනි.
''ගෝඨාභය රාජපක්ෂ ගේ සිට හේමසිරි ප්‍රනාන්දු දක්වා සියළු ආරක්ෂක ලේකම්වරුන් වෙතත් සියළුම පොලිස්පතිවරුන් වෙතත් මම සහරාන් පිළිබඳ කිව්වා.
ඔහු බුද්ධි ආශයට සම්බන්ධ බව ඒ හැම වෙලාවකට කිව්වා'' යැයි අසාද් සාලි ජනාධිපති කොමිසම හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබුණි.
නීතිපතිවරයා අවස්ථා තුනක දී අසාද් සාලි අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නැතැයි ප්‍රකාශ කළ නමුත් පොලිස් ඇමති සරත් වීරසේකරගේ බලපෑම් මත ඔහු අත්අඩංගුවේ තබා ගෙන සිටියි. අසාද් සාලි ට ඇප ලබා නොදනේනේ කාඩිනල් මැල්කම් රංජිත් ගේ බලපෑම මත බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
නීතිපතිවරයා පසුගිය17 දින සිදු කළ ආන්දෝලනාත්ම ප්‍රකාශයම අසාද් සාලි විසින් අවස්ථා ගණනාවක දී මෙයට පෙර සිදු කර තිබුණි.

