සහන මල්ලේත් ගැහිල්ලක් ? වගකීම දේශපාලනඥයින්ට : රාජ්‍ය සේවකයන්ට ගුටි !

සහන මල්ලේත් ගැහිල්ලක් ? වගකීම දේශපාලනඥයින්ට : රාජ්‍ය සේවකයන්ට ගුටි !
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ හුදෙකලා කර ඇති ප්‍රදේශ වල ජනතාව වෙත රජය  ලබාදෙන බඩු මළුවල  නියමිත වටිනාකම නොමැති වීම හේතුවෙන් ඒවා බෙදාහැරීමේ නිරත රාජ්‍ය නිලධාරීන් බලවත් දුෂ්කරතාවට පත්ව ඇති බවට මැසිවිලි නැගෙමින් තිබේ.
මීට අදාළ සිදුවීමක් ලෙස  "කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් දැල්තර බටහිර වසමේ දී රු.5000/- බඩු මළු බෙදා දීමකදී ප්‍රදේශවාසියෙකු විසින් සංවර්ධන නිලධාරිනී නිලූෂි ධර්මසේන වෙත පහරදීම " වාර්තා වෙයි.
 
මේ පහරදීම හෙළාදැක ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා  සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි කොළඹ දිස්ත්‍රික් ලේකම් වෙත ලිඛිත පැමිණිල්ලක්  ද සිදුකර ඇත.
 
"ජනතාව අතරින් එක් පුද්ගලයෙකු බව වාර්තා වේ. රු.5000/-, රු.10 000/- බඩුමළු සම්බන්ධයෙන් විවිධ චෝදනා වරින්වර මතුවන අතර එහි අඩංගු අදාළ වටිනාකමට ප්‍රමාණවත් භාණ්ඩ නොවන්නේ නම් හෝ අදාළ බඩු මළුවලින් වංචාවක් සිදුකර ඇත්නම් එයට විරෝධය පල කළ යුත්තේ ආණ්ඩුවේ දේශපාලඥයින්ට මිස අවධානම් තත්වය හමුවේ වගකීම් ඉටු කරන රාජ්‍ය නිලධාරීන්ට නොවන බව අවධාරණය කරමු." යනුවෙන් ද එහි සඳහන් අතර අදාළ සම්පූර්ණ පැමිණිල්ල පහත දැක්වෙයි.
 
 
දිස්ත්‍රික් ලේකම්,
ප‍්‍රදීප් යසරත්න මහත්මා,
දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය,
නිල මැඳුර,
කොළඹ - 05.
 
දිස්ත්‍රික් ලේකම් තුමනි,
 
රු.5000/- බඩු මළු බෙදීමේ දී සංවර්ධන නිලධාරිනියකට එල්ල කළ ප්‍රහාරය දැඩිව හෙළා දකිමු.
 
#Covid-19 වසංගත තත්වය හමුවේ හුදකලා කරනු ලැබූ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් දැල්තර බටහිර වසමේ දී රු.5000/- බඩු මළු බෙදා දීමකදී ප්‍රදේශවාසියෙකු විසින් සංවර්ධන නිලධාරිනී නිලූෂි ධර්මසේන මහත්මියට සිදුකර ඇති ප්‍රහාරය අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
 
රාජකාරියක් ඉටු කරමින් සිටින මොහොතක සිදුකර ඇති පහරදීමත්, රාජකාරියට බාධා කිරීමත් ඇතුළු කරුණු පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙසද අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
 
පහරදීම සිදුකර ඇත්තේ ලබාදුන් බඩු මල්ලේ රු.5000/- වටිනාකමින් යුත් භාණ්ඩ නොමැති කම මත කුපිත වූ ජනතාව අතරින් එක් පුද්ගලයෙකු බව වාර්තා වේ. රු.5000/-, රු.10 000/- බඩුමළු සම්බන්ධයෙන් විවිධ චෝදනා වරින්වර මතුවන අතර එහි අඩංගු අදාළ වටිනාකමට ප්‍රමාණවත් භාණ්ඩ නොවන්නේ නම් හෝ අදාළ බඩු මළුවලින් වංචාවක් සිදුකර ඇත්නම් එයට විරෝධය පල කළ යුත්තේ ආණ්ඩුවේ දේශපාලඥයින්ට මිස අවධානම් තත්වය හමුවේ වගකීම් ඉටු කරන රාජ්‍ය නිලධාරීන්ට නොවන බව අවධාරණය කරමු.
 
ආණ්ඩුවේ රු.5000/- බඩු මළු බෙදීම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය මඟින් නිකුත් කළ චක්‍රලේකයේ අදාළ මඩු මළු බෙදීමේ වගකීම සංවර්ධන නිලධාරීන්ට පවරා නොමැති අතර අදාළ නැති රාජකාරියකට යෙදීම මඟින් මෙම සිදුවීමට මුහුණ දීමට සංවර්ධන නිලධාරිනියන්ට සිදු වූ බවද වැඩි දුරටත් පෙන්වා දෙන්නෙමු.
 
2. 2021/05/16 දින සිදු කර ඇති පහරදීම හේතුවෙන් ප්‍රහාරයට ලක් වූ සංවර්ධන නිලධාරිනිය මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාළ පහරදීම සම්බන්ධයෙන් අදාළ අංශ මගින් සිදු කළ යුතු පරීක්ෂණ කඩිනම් කිරීම.
 
3. පහර දීමට හා රාජකාරිය බාධා කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට මැදිහත් වීම.
 
4. #Covid-19 යටතේ බඩුමළු බෙදීම හෝ වෙනත් කටයුතු සම්බන්ධයෙන් චක්‍රලේඛ මගින් වගකීම් පවරා නොමැති රාජකාරී සංවර්ධන නිලධාරීන්ට හෝ අභ්‍යාසලාභී උපාධිධාරීන්ට පැවරීම හෝ යොමු කිරීම වහාම නතර කිරීම.
 
5. #Covid-19 වසංගත තත්වය යටතේ අනාරක්ෂිත රාජකාරී පැවරීම, චක්‍රලේක මගින් ආවරණය නොවන රාජකාරී දිගින් දිගටම සංවර්ධන නිලධාරීන් ඇතුළු අභ්‍යාසලාභී උපාධිධාරීන්ට පැවරීම මිඟින් සිදුවන ජීවිත අවධානම් තත්වයන් පිළිබඳ ආණ්ඩුව හා අදාළ ආයතන ප්‍රධානීන් වගකීම භාර ගැනීම යන ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරමු.
 
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය හා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමත්, සංවර්ධන නිලධාරීන් ඇතුළු අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ජීවිත අවධානමකින් තොරව සිය රාජකාරී කිරීමට අවශ්‍ය නිසි පරිසරය සහතික නොකරන්නේ නම් #Covid-19 රාජකාරීවලින් ඉවත්වන බවද වැඩිදුරටත් දන්වා සිටිමු.
 
ස්තූතියි.
 
මෙයට,
ප්‍රධාන ලේකම්,
චන්දන සූරියආරච්චි
සංවර්ධන නිලධාරී සේවා සංගමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න