වෙලේ සුදාව හිරෙන් එළියට යවන්න එපා : අභියාචනාධිකරණ නියෝගයක් !

වෙලේ සුදාව හිරෙන් එළියට යවන්න එපා : අභියාචනාධිකරණ නියෝගයක් !

බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද (17) දින බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාට දන්වා තිබේ. 

ඔහුගේ මව වන ආර්.ජී. මාලනී නැමැත්තිය විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු විසින් එම නියෝගය නිකුත් කර තිබුණි.

එහිදී අභියාචනාධිකරණය නියෝග කළේ මේ මස 24 වනදා තෙක් ඔහුව එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමෙන් වළකින ලෙසය.

ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩණය නියම වී සිටී.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මේ දිනවල පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විවිධ විමර්ශනවලට බව සඳහන් කරමින් පිටතට රැගෙන ගොස් මරා දැමීමේ තත්ත්වයක් තිබෙන හෙයින් තම පුත්‍රයාට ද මෙම ඉරණමක් අත්වනු ඇතැයි තම සේවාදායිකාව බියෙන් පසුවන බවය. 

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා පෙන්වා දුන්නේ මෙවැනි අතුරු නියෝගයක් සම්බන්ධයෙන් සලකාබැලීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීම අවශ්‍ය බවය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුනි.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන 24 වනදා සිදු කිරීමට දින නියම කළේය.

(mawrata)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න