වට්සැප් ගැන අනිසි බියක් එපා !

වට්සැප් ගැන අනිසි බියක් එපා !

වට්සැප් භාවිතය සම්බන්ධව අද (15) විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව අනතුරු ඇඟවීමක් සිදුකර තිබූ අතර ඒ පදනම් කරගෙන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ද  නිවේදනයක් නිකුත්කර ඇත. "වට්සැප් සම්බන්ධයෙන් ජනතාව අනිසි ලෙස බිය වීමට අවශ්‍ය නැහැ":යන ශීර්ෂයෙන් යුතු එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් පරිශීලකයන්ට ලැබෙන වට්සැප් පණිවිඩයක් සම්බන්ධයෙන් අද (15) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. 

මෙම නිවේදනය සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ නිළ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන් බොහෝමයක් කරුණු විමසා ඇත.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සිදුකල අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් වට්සැප් පරිශීලකයන් අනිසි බියක් ඇතිකරගත යුතු නැති බවත් තම වට්සැප් ගිණුමේ ආරක්ෂාව වැඩිකර ගැනීම සඳහා දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 Factor Authentication ක්‍රියාත්මක කිරීම සිදු කළහැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වට්සැප් පරිශීලකයන්ට පෙන්වා දෙමු. 

තවද නිළ වට්සැප් යෙදුමට පරිබාහිරව නිර්මාණය කර ඇති තෙවන පාර්ශවීය වට්සැප් යෙදුම් භාවිතා කිරීමට යොමු නොවන ලෙසත් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජනතාව දැනුවත් කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  

සභාපති                                                               

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න