ICU, ඔක්සිජන්, වෙන්ටිලේටර් හිඟයි : උදව් කරන්න - දානපතියන්ට ආයාචනයක් !

 ICU, ඔක්සිජන්, වෙන්ටිලේටර් හිඟයි : උදව් කරන්න - දානපතියන්ට ආයාචනයක් !

කොරෝනා පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන්නැයි මෙරට දානපතියන් ඉල්ලා සිටින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය  සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ  ඉල්ලා සිටියි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ ඉල්ලීම සිදුකර සිටියේ කොරෝනා පාලන වැඩසටහන අනුව ස්ථාපිත කරන ලද ඇමතුම් මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අද වන විට රෝහල් පද්ධතියට දැඩි සත්කාර ඒකක, ඔක්සිජන් පහසුකම්, කෘතිම ස්වසන ආධාර යන්ත්‍ර ඇතුළු උපකරණ අවශ්‍ය වී ඇතැයිද ඇය කියා සිටියාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට, තම ප‍්‍රදේශයේ රෝහලට තමන්ට හැකි ආකාරයෙන් පුංචි හෝ උපකාරයක් කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න