මාස්ක් නැති අය : උස්සලා කරට ගෙන අත්අඩංගුවට ගන්නා ක්‍රමය නවත්වයි !

මාස්ක් නැති අය : උස්සලා කරට ගෙන අත්අඩංගුවට ගන්නා ක්‍රමය නවත්වයි !

කොරෝනා වසංගතය අතර අවස්ථාවේ නියමිත ලෙස මුව ආවරණ නොපළඳින පුද්ගලයන් ඔසවා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පසුගිය සමයේ කටයුතු කළ අතර ඉදිරියේ එය සිදුනොවනු ඇත.

ඒ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන යාම මින් ඉදිරියට නොකළ යුතු යැයි පොලිස්පතිවරයා විසින් විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති නිසාය.

සියලුම උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කරන එම චක්‍රයකින් දන්වා ඇත්තේ එසේ ඔසවාගෙන යන පුද්ගලයන් අතර ආසාදිත වූවන් සිටියහොත් පොලිස් නිලධාරීන්ටද කොරෝනා ආසාදනය වීමේ අවදානමක් පවතින බවය.එමෙන්ම අත්අඩංගුට ගන්නා පිරිස එකම රථයක් තුළ එක්රැස් කිරීමෙන් තවත් පිරිසකට වෛරස් ආසාදනය වීමේ හැකියාවක් ඇතැයි ද එමගින් පෙන්වා දෙයි.

එනිසා ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ඔසවාගෙන නොයන ලෙසත් එක් රථයක රැස් නොකරන ලෙසත් පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ.

පොලිසිය සිදුකළ මේ අත්අඩංගුවට ගෙන ඔසවාගෙන යාම පසුගිය සමයේ සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක්වූයේ සිරීපාදය මුදුනට නැග මාස්ක් එක ගැලවූවොත් පොලිසිය පැමිණ ඔසවාගෙන යනු ඇත්දැයි අසමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න