ආර්ථික හානිය හදන්න පුළුවන් ඒත් ජීවිත හානිය හදන්න බෑ : රනිල් ආණ්ඩුවට දන්වයි !

ආර්ථික හානිය හදන්න පුළුවන් ඒත් ජීවිත හානිය හදන්න බෑ : රනිල් ආණ්ඩුවට දන්වයි !

"මම මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නේ රටේ ජනතාවගේ ජිවිත බේරාගන්න කියලායි. ආර්ථිකයට වන හානිය අපට හදා ගන්න පුළුවන්. නමුත් ජීවිතයට වන හානිය අපට හදා ගන්න බෑ. රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීමයි. එය පරමාර්ථය කර ගනිමින් ජිවිත ආරක්ෂා කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා" යැයි හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (14) වට්සැප් වීඩියෝවක් හරහා විශේෂ නිවේදනයක් නිකුත්කරමින්ය එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය. 

කොවිඩ් වසංගතය ලංකාවේත්, ඉන්දියාවේත්, නේපාලයේත් සීග්‍රයෙන් පැතිරෙනවා.ඒ වගේම ඉන්දියාවේ කොවිඩ් රෝගයට අමතරව කලු දිලීර (Black Fungals) කියලා තවත් දීලිර රෝගයක් පැතිරිලා යනවා. අපි මේ හැම රෝගයකින්ම රටේ ජනතාව ආරක්ෂා කර ගන්න ඕනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය, අපේ වෛද්‍ය විශේෂඥයන් ගණනාවක් සමග ඉකුත් දිනක කළ සාකච්ඡාවලින් අනතුරුව නිවේදනයක් නිකුත් කලා.

ඒ නිවේදනය අනුව ඊළග සති කිහිපය තුළදි කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ඔවුන් පුරෝකතනය කර තිබෙනවා. අපි තව කරුණක් මතක තබාගත යුතුයි.

එනම් අපේ රටේ එන්නත් හිගයක් තියෙනවා. ජනතාවගෙන් හැම කෙනෙකුටම එන්නත ලබාදෙන්න ලබන වසර හෝ මේ වසරේ අග අතර කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වෙනතුරු රටේ ජනතාව ආරක්ෂා වෙන්න ඕනේ.

ඒ නිසා ආණ්ඩුවේ යුතුකම වන්නේ වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමයි. වෛද්‍යවරු රට වහන්න කියනවා නම් එයත් අපි ඉටු කළ යුතු වෙනවා. ඉන් පසුව කොවිඩ් වසංගතය පාලනය වී තිබේදැයි අපට සතියෙන් සතිය වාර්තා ගෙන ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්.

ඊට අමතර වෙන විකල්ප තිබෙනවාදැයි කියන්න මම දන්නේ නැහැ. කොවිඩ් වසංගතය තවදුරටත් පැතිරීම පවතින දුර්වල ආර්ථිකයට මරු පහරක්. එම නිසා පවතින රෝග ව්‍යාප්තිය නතර කර ගන්න අවශ්‍යයි. එසේ කළොත් අපට ආර්ථික හානිය අවම කරන්න පුළුවන්. මම මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නේ රටේ ජනතාවගේ ජිවිත බේරාගන්න කියලායි. ආර්ථිකයට වන හානිය අපට හදා ගන්න පුළුවන්. නමුත් ජීවිතයට වන හානිය අපට හදා ගන්න බෑ.

රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීමයි. එය පරමාර්ථය කර ගනිමින් ජිවිත ආරක්ෂා කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න