කොරෝනා ආසාදිතයන් යැයි හඳුනාගනු ලබන සියලු දෙනා රෝහල් ගත කිරීමට හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළු කිරීමට නොහැකි වී ඇතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කරයි.
වයෝවෘද්ධ පුද්ගලයන්, නිදන්ගත රෝගවලින් පෙළෙන අය සහ ගර්භනී කාන්තාවන්ට රෝහල් හෝ ප‍්‍රතිකාර මධ්‍යස්ථාවලට ඇතුළු කිරීමේදී ප්‍රමුඛතාව ලබා දෙන බවද ඇය සඳහන් කළාය.
ඒ තත්ත්වය මත සෙසු ආසාදිතයන් රෝහල් ගත කිරීමේ දී යම් ප්‍රමාදයක් සිදු විය හැකි බවද ඇය කියා සිටී.
ආසාදිතයන් සඳහා තවදුරටත් ඉඩ පහසුකම් පුළුල් කරමින් පවතින බවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවසේ තබා ප්‍රතිකාර කිරීම සඳහා මාර්ගෝපදේශ සකස් කරමින් ඇති බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

