අරාබි මුහුදේ පීඩන අවපාතයක්: ධීවර හා නාවික ප්‍රජාවට නිවේදනයක්

අරාබි මුහුදේ පීඩන අවපාතයක්: ධීවර හා නාවික ප්‍රජාවට නිවේදනයක්

අරාබි මුහුදේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය මේ මස 18 වැනිදා ගුජරාට් හා පකිස්ථාන වෙරළ තීරයට ළඟා වනු ඇති බවත්, එමගින් දිවයිනේ කාලගුණයට ඇති කරන බලපෑම හෙට(15) සිට ක්‍රමයෙන් අඩුවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින නිසා පහත  මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතු වල නොයෙදෙන ලෙස ධීවරයන්ට අනතුරු හැඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් සිදු කර ඇත.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවත්,

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවිටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැකි බවත්,

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත්,

කන්කසන්තුරයසිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවලවලධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කර ඇත.

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදීමේදී මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න